Wednesday, July 16, 2014

කුස්සියේ ජරමරේ පටන් ගමු



ඔන්න ඉතින් හා හා පුරා කියල කසාදයක් බැඳගත්තනේ ඒක ඉතින් කට්ටියට කියන්න ඕනි නෑනේ. කසාද බැන්ද වගේ නෙමේ දැන් තමා රගේ තේරෙන්නේ. බඳින්න කලින් පොඩ්ඩ පොඩ්ඩ උයන්න පුරුදු උනාට පරිප්පුවක් එහෙම ලුණු අඩුවෙන් හදාගන්න එහෙම පුළුවන් උනාට අනික්වා නම් ඉතින් සුම්මා තමා. බැඳලා සති දෙකක් විතර හිටියේ අම්මලාගේ ගෙදර හින්දා ඉතින් උයන එක දැනුනේ නෑ. එත් ඊට පස්සේ අපේම කියල අලුත් නිවහනකට ගියානේ ඔන්න දැන් තමා හා හා පුරා කියල උයන්න ගන්නේ.  ඊට පස්සේ තමා මෙහෙම උනේ.

ඉතින් මට හිතුනා මං මේ උයන්න ගිහින් කන්න වෙන කටු විඳින්න වෙන දුක කෑම බීම වරදින එව්වා කියල ටිකක් වෙනසකටත් එක්ක උයන හැටි කෑම වට්ටෝරු ගැන නැතිව උයන කොට වෙන වැරදි අතපසු වෙන එව්වා කෑම වරදින විදි වගේ දේවල් ලියන්න. එතකොට ඔය අපේ උයන්න දන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොන්ට පුළුවන් මගේ වැරදි හදල උදව් කරන්න එහෙම.

ආ තව එකක් ඔගොල්ලොන්ගේත් ඔය උයන්න ගිහින් වැරදුන හැටි තියෙනවා නම් ඔන්න කියන්න මේ බ්ලොග් එකේම දාමු. හරිනේ වැඩේ ඊළඟ පොස්ට් එකේ ඉඳන් අපි වැඩ පටාන් ගමු. 

2 comments:

  1. සිරා බ්ලොග් එකක් වෙයි කියලා හිතනවා.. බ්ලොග් එක අළුත් උනත් උනත් බ්ලොග් කාරිය පළපුරුදු ඇත්තියක් නෙවැ...

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි.. මෙන්න පළවෙනි කමෙන්ට් එක මගෙන්.. අඹ සරණයි බ්ලොග් එකට.... :D :D :D

      Delete