Saturday, October 15, 2016

ගෙදරදීම ගරම් මසාල හදමු

අද අපි හදන්න යන්නේ කා අතරත් ජනප්‍රිය එත් බොහෝ දෙනා හදන විහිද නොදන්නා කෑමක් වන බටර් චිකන්. නමුත් මෙතැනදී අපිට බටර් චිකන් සඳහා අවශ්‍යම ද්‍රව්‍ය වන ගරම් මසාලා ගෙදරදීම සදා ගන්න ආකාරය මුලින්ම පැහැදිලි කරන්නම්.  පහත ද්‍රවය මස් 500g හා 1Kg සදහා ප්‍රමාණවත්ය.

අවශ්‍යය ද්‍රව්‍ය :

පහත ද්‍රව්‍ය සියල්ල හොඳින් සෝදා වෙලා ගත යුතුය







  1. කොත්තමල්ලි ඇට මේස හැඳි 2 පමණ 
  2. සුදුරු තේ හැන්දක් පමණ 
  3. කුරුදු මද පමණින්
  4. කරාබු නැටි 8 ත් 10 පමණ 
  5. සාමාන්‍ය ප්‍රමාණයේ කුරුදු කොළයක්
  6. එනසාල් තේ හැන්දක්  (පොතු ඉවත් කර හෝ ගත හැක)
  7. ගම්මිරිස් ඇට ස්වල්පයක් 
ඉන් පසුව මේ සියල්ලම කලවම් කර ඉතා සිහින් වන ලෙස කුඩු කරගත යුතුය. මෙසේ කුඩු කරගත් ගරම මසාල මිශ්‍රණය වියලි බදුනක බහාලන්න.




2 comments:

  1. අද බස්නාහිරට ගිගුරුම් සහිත වැසි... ආ වැරදුනා... ඊයේ වැස්ස පටන් ගත්තනේ... එහෙමනං අද පායනවා කට්ටෙට... :D

    ReplyDelete