Wednesday, October 26, 2016


බටර් චිකන් හදමු

ඉස්සෙල්ල පොස්ට් එකෙන් කට්ටියව පොඩ්ඩක් කඩේ යව්වනේ ඉතින් ඔන්න රෙසපිය මේකෙන් 




අවශ්‍ය ද්‍රව්‍ය

·         කුඩාවට කපාගත් කුකුල් මස් 500g
·         කපා ගත් රතුපැහැති තක්කාලි 250g
·         සිහින්ව කපාගත් ලොකු ළුණු 250g
·         කොත්මලේ ෆ්‍රෙෂ්  ක්‍රීම් 1 ක්
·         බටර් 100g පමණ
·         ලුණු කුඩු රස අනුව
·         කහ කුඩු ස්වල්පයක්
·         මිරිස් කුඩු ස්වල්පයක්
·         සුදුරු ස්වල්පයක්
·         කරාබු නැටි
·         කුරුඳු කොළ
·         ඉඟුරු
·         සුදු ළුණු
·         දෙහි ගෙඩියක්
·         තක්කාලි සෝස් ස්වල්පයක්


                                ඉහත දක්වා ඇත්තේ ෆ්‍රෙෂ් ක්‍රීම් හි ජයාරූපයකි

ඉන්පසුව ඉවීමට පැය 3 හෝ 4 ප්‍රථම මස් මිශ්‍රණය සාදා ගත යුතුය.

සාදාගන්න ආකාරය

මුලින්ම මස් කුඩා කැබලි වලට කපා හොඳින් සෝදාගෙන වතුර බේරීමට විනාඩි 10 පමණ තබන්න. ඉන්පසු මෙයට කහ කුඩු, මිරිස් කුඩු, ගරම් මසාලා ලුණු හා කොත්මලේ ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 2 ½ දමා හොඳට කලවම් කරගන්න. ඉන්පසුව දෙහි බිංදු කීපයක් දමා මෙය ශීතකරණයේ (අධි ශිත කොටසේ නොතබන්න වග බලාගන්න) පැය 4 ක් පමණ තබන්න.

මෙසේ මස් මිශ්‍රණය තබා ගෙන පැය තුනකට පසුව ඉතිරි ද්‍රව්‍ය පහත ආකාරයට සාදාගත යුතුය.

මුලින්ම නොන්ස්ටික් භාජනයක් ගෙන හොදින රත්වන විට බටර් 50 විතර දමන්න. මෙසේ බටර් දමා බටර් දියවන විට කොටාගත් ඉඟුරු හා සුදු ළුණු, එකතු කර මනා සුවදක් පැතිර යනවිට කපාගත් ලොකු ළුණු හා සුදුරු මේස හැන්දක් එකතු කරන්න එසේ එකතු කරගත් ළුණු විනාඩි 5 ත් 10 කාලයක් රන්වන් පාට වනතුරු බැඳ ගන්න. මෙහෙදී ළුණු කළු පැහැ නොවීමට වග බලාගන්න. ඉන්පසු එය වෙනම භාජනයකට ඉවත් කර ගන්න. එම රත්වූ භාරනයටම තක්කාලි දමා විනාඩි 4 පමණ රත් කරගන්න.

එසේ බැඳ ගත් මිශ්‍රණ වෙන වෙනම බ්ලෙන්ඩර් කරගෙන වෙන්කරන්න.

ඉන්පසු එම භාජනයටම ඉතිරි බටර් ටික දමා රත්වන විට කුරුදු කොළ, කරාබු නැටි, සුදුරු හා එනසාල් දමා එම ද්‍රව්‍ය රත්වන විට කුකුල් මස් මිශ්‍රණය එකතු කරගෙන වතුර මේස හැඳි දෙකක් පමණ එකතු කර මස් කැබලි සුදු පාට වන තෙක් හොදින් පිස ගන්න. ඉන්පසු බ්ලෙන්ඩර් කරගත් ළුණු හා තක්කාලි මිශ්‍රණ එකතුකොට විනාඩි 20 පමණ. හොඳින් පිස ගන්න. මස් හොඳින් තම්බුනු විට නැවත කොත්මලේ ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 2 ½ පමණ එකතු කර කහ කුඩු, මිරිස් කුඩු, තක්කාලි සෝස්, ගරම් මසාල හා  ලුණු කුඩු රස අනුව එකතුකොට හොන්දින කලවම් කොට මද වෙලාවක් පිස ගන්න ගැනීමෙන් අහාරයට ගත හැක.

මෙය බාස්මති බත් හෝ චපාති සමග ඉතා රසවත්ය.


Saturday, October 15, 2016

ගෙදරදීම ගරම් මසාල හදමු

අද අපි හදන්න යන්නේ කා අතරත් ජනප්‍රිය එත් බොහෝ දෙනා හදන විහිද නොදන්නා කෑමක් වන බටර් චිකන්. නමුත් මෙතැනදී අපිට බටර් චිකන් සඳහා අවශ්‍යම ද්‍රව්‍ය වන ගරම් මසාලා ගෙදරදීම සදා ගන්න ආකාරය මුලින්ම පැහැදිලි කරන්නම්.  පහත ද්‍රවය මස් 500g හා 1Kg සදහා ප්‍රමාණවත්ය.

අවශ්‍යය ද්‍රව්‍ය :

පහත ද්‍රව්‍ය සියල්ල හොඳින් සෝදා වෙලා ගත යුතුය







  1. කොත්තමල්ලි ඇට මේස හැඳි 2 පමණ 
  2. සුදුරු තේ හැන්දක් පමණ 
  3. කුරුදු මද පමණින්
  4. කරාබු නැටි 8 ත් 10 පමණ 
  5. සාමාන්‍ය ප්‍රමාණයේ කුරුදු කොළයක්
  6. එනසාල් තේ හැන්දක්  (පොතු ඉවත් කර හෝ ගත හැක)
  7. ගම්මිරිස් ඇට ස්වල්පයක් 
ඉන් පසුව මේ සියල්ලම කලවම් කර ඉතා සිහින් වන ලෙස කුඩු කරගත යුතුය. මෙසේ කුඩු කරගත් ගරම මසාල මිශ්‍රණය වියලි බදුනක බහාලන්න.




Saturday, April 4, 2015

පනිර් හදමු




අවශ්‍ය ද්‍රව්‍ය 

සම්පුර්ණ යොදය සහිත කීරි ලීටර් 1 (කිරි පිටි  ගැනීමෙන් වලකින්න) 
දෙහි ගෙඩි දෙකක් පමණ 
පිරිසිඳු සුදු කපු රෙදි කැබැල්ලක්
වතුර පෙරනා භාජනයක් (හිල් සහිත )
ඉතා බර භාජන කිපයක්

සාදන ආකාරය 

මුලින්ම දෙහි යුෂ මිරිකා භාජනයකට දමා ගන්න. ඉන්පසුව කීරි බන්දෙසියකට දමාගන්න මෙයට ලුණු සුවල්පයක්ද එකතු කරන්න. මෙම කීරි හැඳි ගාමින් තද ගින්දරේ රත් කරගන්න මෙසේ රත් ගන්නා විට එක අතකට පමණක් හැඳි ගෑමට වග බලා ගන්න. ඉන්පසුව කීරි ඉතිරිමට පැමිණෙන විට (යොදය කටිගැනීම පටන් ගන්නා විට) ගින්දර අඩු කොට දෙහි යුෂ පොඩ්ඩක් එකතු කර ගන්න. එලෙස නැවත හැඳි ගාමින් සියලු දෙහි යුෂ එකතු කොට මද වෙලාවක් හැඳි ගාන්න. 

ඉන්පසුව මෙම කීරි මිශ්‍රණය රෙදි කෑල්ලට පෙරා ගන්න. එසේ කොට ඉහත පින්තුරයේ ආකාරයට විනාඩි පහක් පමණ වතුර පෙරීමට එල්ලා තබන්න. එකේ තිබු මිශ්‍රණය. රෙදි කෑල්ලෙහි තිබියදීම පින්තුරයේ ආකාරයට කිලෝ 3 හෝ 4 ක පමණ බර භාජන කිහිපයක් බර පැතිරෙන ආකාරයට පැය තුනක්, හතරක් තබන්න. 

එම කාල සිමාවෙන් පසු ඔබට එම මිශ්‍රණය කෑලි වලට කපා භාවිතයට ගත හැක. 



Wednesday, July 16, 2014

කුස්සියේ ජරමරේ පටන් ගමු



ඔන්න ඉතින් හා හා පුරා කියල කසාදයක් බැඳගත්තනේ ඒක ඉතින් කට්ටියට කියන්න ඕනි නෑනේ. කසාද බැන්ද වගේ නෙමේ දැන් තමා රගේ තේරෙන්නේ. බඳින්න කලින් පොඩ්ඩ පොඩ්ඩ උයන්න පුරුදු උනාට පරිප්පුවක් එහෙම ලුණු අඩුවෙන් හදාගන්න එහෙම පුළුවන් උනාට අනික්වා නම් ඉතින් සුම්මා තමා. බැඳලා සති දෙකක් විතර හිටියේ අම්මලාගේ ගෙදර හින්දා ඉතින් උයන එක දැනුනේ නෑ. එත් ඊට පස්සේ අපේම කියල අලුත් නිවහනකට ගියානේ ඔන්න දැන් තමා හා හා පුරා කියල උයන්න ගන්නේ.  ඊට පස්සේ තමා මෙහෙම උනේ.

ඉතින් මට හිතුනා මං මේ උයන්න ගිහින් කන්න වෙන කටු විඳින්න වෙන දුක කෑම බීම වරදින එව්වා කියල ටිකක් වෙනසකටත් එක්ක උයන හැටි කෑම වට්ටෝරු ගැන නැතිව උයන කොට වෙන වැරදි අතපසු වෙන එව්වා කෑම වරදින විදි වගේ දේවල් ලියන්න. එතකොට ඔය අපේ උයන්න දන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොන්ට පුළුවන් මගේ වැරදි හදල උදව් කරන්න එහෙම.

ආ තව එකක් ඔගොල්ලොන්ගේත් ඔය උයන්න ගිහින් වැරදුන හැටි තියෙනවා නම් ඔන්න කියන්න මේ බ්ලොග් එකේම දාමු. හරිනේ වැඩේ ඊළඟ පොස්ට් එකේ ඉඳන් අපි වැඩ පටාන් ගමු.